Tuesday 8 September 2015

ලස්සන

දස මස කුසේ                   දරා
ලේ කිරි කර              පොවලා           
අම්මා ඉන්නේ                බලා
ලස්සන දරුවෙක්ව          පතා

ලස්සන නමක් දරුවට                     හොයන්නේ
අහුබුදු මහතාගෙන් තේරුම                 අහන්නේ
ලස්සන නම්  දෙක තුනක්ම             ලැබෙන්නේ
වාසගමත් ලස්සන කර                        දමන්නේ

අනාගතේ  තව  ලස්සන ...
කරන්නට
දරුවා යවන්නේ ලස්සන පෙර...,
පාසලට
ලස්සන චිත්‍ර ඇඳල බිත්ති...,
පිරෙන්නට
දරුවා දමන්නේ නොහිතා.....,
දෙපාරට

ටීචර්  ඇඳන් ඉන්න සාරි                            ලස්සන
පොඩි එකා දකින්නේ  ටීචර්ගෙ                 ලස්සන
ලිව්වොත් මගේ පුතා අකුරු                       ලස්සන
දෙනවා මම ගෙනත් සෙල්ලම් බඩු             ලස්සන




ලියන්න,කියන්න ,වයන්න              ලස්සනට
පතල නමක් ඇති ප්‍රදේශෙ                 පාසලට
දරුවා දමන්නේ පොර  කාගෙන            ජයට
පොඩි එකාගේ ජීවිතෙ හැඩ            කරන්නට


එක.දෙක,තුන හතර ගෙවිලා                      යන්නේ
ශිෂ්‍යත්වෙත් නොදෙනුවත්ම ලං                වෙන්නේ
පාඩම් වැඩ වලට  හැම උපදෙස්                 දෙන්නේ
ශිෂ්‍යත්වෙත් ලස්සනටම ගොඩ                  යන්නේ


යන්තන් ඔහොම එනකොට වසරෙන්          අටට
කුරුලැ  දෙක තුනක් එන්නේ               මුහුණතට
කුරුලැ වලට යුද ප්‍රකාශ                           කිරීමට
පසුබට උනේ නැ ළමයා කිසිම                      විට


සුදු වෙන්ට ගාන ක්‍රීම්                    හොය හොයා
කෙල්ලෝ ගාන ක්‍රීම් මූනේ                 උල උලා
ලස්සන කෙල්ලෝ ඉන්න cls              බල බලා
cls අසල හිටිය පැණි                           හල හලා
  

දාන්නේ ලස්සන shoes, Sandals
අදින්නේ ලස්සන පට්ට denim
බලන්නේ ලස්සන hindi films
වෙන්නට හිතල හැන්ඩි පොරක්



මුලින්ම ලස්සන දුටුවේ    ඔබෙන්
එකයි ආවේ මාත්               පයින්
දාල ඔයාට මාර                  ලයින්
කරන්න හේදුවේ ඔයා       queen

ලස්සන කෙල්ලන් සියලු                         දෙනා
වෙන වෙන එවුන්ට අයිති                         උණා
ඇපලුත් පනුවන් කන්න                           උණා
ඒව හිතල මම සතුටු                                උණා


කසාද බඳිනා කාලය එන                         විට
අම්බ යකුන් කිරි ටොයියන්                 ගානට
ලස්සන Makeup දාගෙන                  තලියට
දඟලන්නේ මගුල ජයට                    ගන්නට


මගුල් ගෙදර ගිහින් ගෙදර  ආ       සැනින
අම්ම අහන්නේ බ්‍රයිඩ්ගෙ              ලස්සන
අහවල් එකද දැන් ඒකිගේ            ලස්සන
Makeup දාපු හැමෝම දැන්         ලස්සන


මිනිසුන් ලස්සන ගෙවල්              හදයි
කෙල්ලෝ ලස්සන කාර්          සොයයි
අතලොස්සක් ජීවිතය              සොයයි
හැමෝම ලස්සන සතුට           සොයයි



ගොඩක් මල් වඩම් වටකොට                    ලස්සන
මල මිනිහට අන්දවලා                               ලස්සන
ලස්සන  කියවෙන අන්තිම තැන                   ගැන
මළගෙදරක වැඩ වෙන්නෙත්                    ලස්සන


ලස්සන විය යුත්තේ හදවතය,
නමුත් අද එහෙම එවුං හොයන්නට අමාරුය
කාලය සමග මාත්
ලස්සන වීමට උත්සාහ කල වාර අපමණය,
කොහොම උනත්
හෙමෝම කැමති ලස්සනට ඉන්නට
 සහ ලස්සන දේවල් කරන්නටය.
අද ලස්සන වෙන්නට
කෙල්ලෝ ,කොල්ලෝ
නොකරන දෙයක් නැති තරම්ය
Beauty salon අගලක් අගලක් ගානේ
හතු පිපෙනවා වගේ පිපෙන්නේත්
ලස්සන වෙන්නට මිනිස්සුන්ගේ තියෙන
ඉල්ලුම නිසාම නොවේද ...?
ඇත්තටම ජීවිතය පුරාවට ලස්සන වීම
කොයිතරම් බැඳී තිබෙනවාදෑයි

මට සිතේ....

No comments:

Post a Comment